Colombo Today Local News

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එක් සංශෝධනයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාදීම සිදුවූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බව එහිදී අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා සඳහන් කර ඇත.

මෙම ක්‍රියාවලිය මගින් අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බව ද ඔහු පෙන්වා දී ඇති බව සඳහන්.

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

colombotoday