Colombo Today Local News

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබේ.

නේපාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවන් පළ කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදු කෙරෙන බව ඔහු පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වෙයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“දුටුගැමුණු – දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් – සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ” – විග්නේශ්වරන්

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday