World

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

සොරකම් කරන ලද මිනිස් සිරුරු කොටස් මිලදී ගැනීම සහ විකිණීමේ චෝදනාව සම්බන්ධයෙන් හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය මොචරියේ කළමනාකරු සහ තවත් තිදෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබේ.

පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා හාවඩ් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබූ මළ සිරුරු වලින් “හිස්, මොළ කොටස්, සම සහ අස්ථි” ලබාගෙන එම කොටස් ඔන්ලයින් ඔස්සේ විකිණු බවට සෙද්‍රික් ලොඩ්ජ් ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ, ඩෙනිස් අමෙරිකාවේ පෙන්සිල්වේනියා සහ මැචචුසෙට්ස් හි වෙසෙන ගැණුම්කරුවන්ට එසේ ඔන්ලයින් ඔස්සේ සිරුරු කොටස් විකුණා ඇති බවය.

එම ක්‍රමවේදය ඔස්සේ ඔවුන් 2018 සිට 2021 දක්වා සිරුරු කොටස් විකුණා ඇතැයි හෙළිවෙයි.

එරට රජයේ නීතිඥයින් චෝදනා කර ඇත්තේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය “ව්‍යුහ විද්‍යාත්මක පරිත්‍යාග වැඩසටහනේ” කළමනාකරු ලෙස ඔහුට තිබූ තනතුර භාවිත කර වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබුණු සිරුරුවල කොටස් ඔහු ලබාගෙන ඇති බවය.

Related posts

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනී

colombotoday

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්

colombotoday

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday