Colombo Today Local News

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාගම අලගොල්ල පෙදරේරුවෙකි.

මෙම පුද්ගලයා ඔහුගේ සහෝදරයා හා එක්ව 2001 දොළොස් වැනි මස 19 වෙනි දින පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී 2004 වර්ෂය සිදුවූ සුනාමි ඛේදවාචකය අවස්ථාවේදී වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පලාගොස් තිබිණි යැයි පොලීසිය කියයි.

2004 වසරේ 8 වෙනි මස 31 වැනි දින සැකකරුට අධි යෝජනා භාරදීමෙන් අනතුරුව සැකකරු නොමැතිව සති මෙහෙයවා මෙම සැකකරුට මරණ දඬුවම නියම කර තිබිණි යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මෙම සැකකරුගේ සහෝදරයා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති අතර රාගම නගරයේ දී පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුට ඔහු නොමැතිව සාක්කි මෙහෙයවා මරණ දඬුවම නියම කර තිබිණි යැයිද පොලිසිය කියයි.

Related posts

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

colombotoday

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු බේරා ගනී

colombotoday

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

Admin

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

ආණ්ඩුවේ දූෂණ හොයන්න, විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday