Colombo Today Local News

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

රටේ වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය තත්ත්වය හමුවේ ළමයින් වැඩි වශයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එසේම, ළමුන් පාසල් හැර යන තත්ත්ව උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම මෙන්ම ළමා ශ්‍රමිකයන් ඉහළ යාම අවම කිරීම සඳහා මේ වනවිටත් සිය අධිකාරිය ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

අදට(12) යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය”ට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කළ අතර, එහි වැඩි දුරටත් දැක්වුණේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව සියලු දෙනා කටයුතු කරනු ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරන බවයි.

අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන රැකියාවල පමණක් ළමයින් යෙදවිය හැකි අතර, එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි යෙදවීම නීතිවිරෝධී වෙයි.

එසේම ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට සහ තැරව්කරුවන්ට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ හැකියි.

ඊට අදාළ වැඩි දුර විස්තර පහත නිවේදනයේ දැක්වේ,

Related posts

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday