Colombo Today Local News

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ ‘ඉන්දියානා’ සමාගමට එරෙහිව විමර්ශනයක්

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගුජරාට් හි ‘ඉන්දියානා’ නම් අදාළ ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් හේතුවෙන් මෙරට පුද්ගලයින් 30දෙනෙකුට පමණ ආසාත්මිකතා ඇතිවූ බවට ශ්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චෝදනා එල්ල වූ සමාගමට කැඳවීමක් සිදුකර ඇති ඉන්දීය ඖෂධ අපනයන කවුන්සිලය, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට ද නියෝග කර ඇත.

ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස, මතභේදයට තුඩුදී ඇති ඖෂධය නිෂ්පාදනය තාවකාලිකව නතරකරන ලෙස මෙන්ම නිකුත් කර ඇති ඖෂධ තොග යළි කැඳවීමට ද ඉන්දියානා සමාගම වෙත නියෝග කර ඇති බවද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගතවූ වසරක කාලය තුළ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව මෙය වන අතර මෙවැනි සිදුවීම් ඉන්දියාවේ ඖෂධ අපනයන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන බව එරට ඖෂධ අපනයන කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට දුර්වල ඖෂධ සැපයූ බවට එල්ල වන චෝදනාව “ඉන්දියානා” ඖෂධ සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

මහනුවර යළි සෙලවෙයි

colombotoday

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday