Colombo Today Local News

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

තමා කිසිදිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව නව අමාත්‍යධුර භාරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

තමාගේ සේවය රටට අවශ්‍ය බව පැවසුවහොත් එය නොපැකිලිව ලබාදෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රශ්නය – ඔබතුමා ජනාධිපතිතුමාට තර්ජනය කළා ද? 53ක් එක්ක ගිහිල්ලා වාඩිවෙනවා කියලා විපක්ෂයේ, ඇමතිකම දුන්නේ නැත්නම් ?

“මට අනිත් අය ගැන කියන්න බැහැ. මම තර්ජනය කිරීමක් හෝ ඇමති තනතුර කිසිම දවසක මම ඉල්ලලා නැහැ. මම ඇමති තනතුරු පස්සෙන් හඹා යන්නේත් නැහැ. ජනාධිපතිවරයා වගකීමක් භාර දුන්නොත් ඒක භාර ගන්නවා. ඒ නිසා පසුගිය කාලයේ මේ රටේ තිබුණ ආර්ථික අර්බුදයත් එක්ක අමාත්‍යධුර ලබාදීම සුදුසු නැහැ. ඒ නිසා මේ ආර්ථිකය යම්තාක් දුරට යතාවත් වුණාට පස්සේ තමයි එය ලබාදිය යුත්තේ. ඒ නිසා මම කිසිසේත් කවමදාවත් ඇමතිකම් ඉල්ලලාත් නැහැ, ඇමතිකම් පස්සේ යන්නේත් නැහැ. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් මම ඒක පිළිගන්නවා. මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ.”

Related posts

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin