Colombo Today Local News

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

පොසොන් සතිය හෙට (31)දිනයේ සිට ආරම්භ වේ.

ඒ අනුව, හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කරයි.

පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව ද ඒ මහත පැවසීය.

එමෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මේ සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙස නියෝග කර ඇතැයි ද පැවසු ජයසුන්දර මහතා මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයි ද පැවසු ඒ මහතා, රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු සුදානම් කර ඇතැයි ද පැවසීය.

එමෙන්ම මේ කාල සීමාව තුළ අනුරාධපුරය බලා අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව දැනට අනුරාධපුරය දක්වා පවතින දුම්රිය ගමන්වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන්වාර 10ක් අමතරව එක් කෙරෙනු ඇති.

පොසොන් උත්සව සමයේ දිස්ත්‍රික්කය පුරා අතිරේක බස් රථ 400 ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday