Colombo Today Local News

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

Related posts

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday

අනවසරෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් නොතීසි

colombotoday