තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුම අද (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙයි.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතින්ද සහභාගි වීමට නියමිතය.
1975 ජූලි 27 යාපනය නගරාධිපති ඇල්ෆ්රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින් ය.