Colombo Today Local News

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලෙන් පලා ගොස් ඇත.

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම බන්ධනාගාර රැදවියාව රාගම රෝහලට ඇතුළත් කර තිබී ඇත. වාට්ටු අංක 39 ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැදවියා ඉකුත් 15 දින සවස 05 ට පමණ රෝහලෙන් පැනගොස් තිබේ.

පසුව රාගම රෝහලේ පාලනාධිකාරිය රැදවියාගේ පලායාම පිළිබඳ ව රාගම පොලිසියට පැමිණිලි කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ මහර කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඉන්දීය කොරෝනා රෝගීන් දහස් ගණනක් ලංකාවට පනින්න බලන් රාමේෂ්වරම් වෙරලේ..

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

Admin

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday