ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් හටගෙන තිබේ.
රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.
කෙසේවෙතත් සිදුව ඇති හානි සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.