Colombo Today Sports News

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද (11) දින උදෑසන 8 සිට එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, ප්‍රසව හා නාරි වේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට සිදු කරන ලද පහරදීමට සම්බන්ධ පුද්ගලයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක බවය.

හදිසි ප්‍රතිකාර සේවාවන් සිදුවන අතර අනෙකුත් සියලු ප්‍රතිකාර සේවාවන් නතර කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

Admin

කලම්බු කින්ග්ස් ජැෆ්නා ස්ටැලියන්ස් ගේ අපරාජිත වාර්තාව බිඳ දමයි

colombotoday