Colombo Today Local News

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

රාජ්‍ය පොසොන් උත්සවය මෙවර මිහින්තලා රාජ මහා විහාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මිහින්තලා රාජ මහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවත්වී තිබේ.

මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ “නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්. ” යන්නයි.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව විශේෂ වැඩසටහන් කිහිපයක් ජුනි මස දෙවනදා සිට හතරවනදා දක්වා පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

වසර 2019යෙන් පසුව උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය සඳහා සියලු ආයතන එක්ව සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාසකරන බව විහාරාධිපති හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

Admin

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday