Colombo Today Local News

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති “ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලිපියක් භාර දී තිබේ.

අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා ඇත.

Related posts

වෘත්තීය සමිති 13ක වනජීවි නිලධාරීන් හෙට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක

colombotoday

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා හදිසියේ රෝහල්ගත කෙරේ

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday