27 C
Colombo
6 April 2025
Colombo Today Local News

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

අතුරුගිරියේ ලී මෝලක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඝාතනයට සම්බන්ධ‌ සැකකරු ඊයේ (07) සවස් කාලයේ කොරලවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි අයෙකි.

සැකකරු කොරලවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මාදුපිටිය, පානදුර යන ලිපිනයේ භාවිතා කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී, මියගිය කාන්තාවගේ රුපියල් 450,000 වටිනා රන් මාලය කොල්ලකා උගස් කරන ලද රිසිට්පත හා එම ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු ඇදසිටි ඇඳුම් සහ පාවහන් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අද (08)දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 02 වනදා සවස් කාලයේ අතුරුගිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරියක් වෙළෙඳසැලේ කාර්යාල කාමරය අසල ආයුධයකින් මුඛයට පහරදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි.

ඊට අමතරව එම ලී වෙළෙඳසැලේ සේවය කළ 51 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

එම පුද්ගලයා පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 06 යනදා මියගොස් තිබේ.

Related posts

ගම්පහ වෙඩි තැබීමක්

Admin

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

colombotoday