Colombo Today Local News

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින් ආනරවණය වී තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ්‍ය කෝටි 30.6ක් ද ආයෝජන මණ්ඩලය කෝටි 12.4 ක්ද මෙලෙස ගෙවීමට ඇති බවද ඒ 2012 හා 2013 වසරවලදී නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් බවද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම එම විගණන වාර්තාවට අනුව වෙනත් ආයතන වෙතින්ද කෝටි පහකට අධික මුදලක් වසර 5කට අඩු කාලයක් තිස්සේ ලැබිය නැති අතර තවත් කෝටි හයකට ආසන්න මුදලක් වසර පහකට අධික කාලයක් තිස්සේ ලැබී නැත.

මෙම මුදල් අය කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය අඛන්ඩව කටයුතු කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

Related posts

ඇමති රාජිත තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න රජයේ මුදල් කෝටි 10ක් අවභාවිතා කරලා (Video)

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday

පූජිත් ඔයා මේ එන්.ටී.ජේ සහරාන් ගැන මීට පස්සේ සොයන්න එපා – හිටපු ජනපති මෛත්‍රී පැවසු බව හේමසිරි කියයි

colombotoday

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday