Colombo Today Local News

වෙඩි වැදුණු දෙමටගොඩ චමින්ද බලන්න ඥානසාර හිමි රෝහලට වඩිති

GNANASARA_thero_chaminda1

ඊයේ දෙමටගොඩ ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුල වෙඩි ප්‍රහාරයකට ලක්වුණු දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සුවදුක් බැලීම සදහා බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද දහවල් රෝහල වෙත වැඩමකර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි බදාකිරීම් හමුවේ පිරිත් කියමින් දෙමටගොඩ චමින්දගේ අතේ පිරිත්නුලක් ගැටගැසූ ඥානසාර හිමි “අංගුලිමාලටත් කොසොල් රජතුමාටත් සම්බුදු කරුණාවේ වෙනසක් නෑ” යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පිටවගිය බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කලේ.

උසාවියට අපහාස කිරීමේ චෝදනාමත සිරගත කෙරුණු අවස්ථාවේදී ඥානසාර හිමිගේ සිවුරු සෝදා දීම ඇතුළු උපස්ථාන කටයුතු කර තිබුනේ පාතාල නායකයකු ලෙස හදුන්වන දෙමටගොඩ චමින්ද නමැත්තායි. උපස්ථාන කටයුතුවලින් අනතුරුව ඥානසාර හිමිගේ කෙටි ධර්මානුශාසනාවකට සවන්දීමට දෙමටගොඩ චමින්ද පුරුදුව සිටිබවත් උන්වහන්සේ බන්ධනාගාර ගතකෙරුණු මුල් අවස්ථාවේදී ඥානසාර හිමිගේ හිත ශක්තිමත් කිරීම සදහා අනෙකුත් සිරකරුවන් සමග එකතුව “සාදු” නාද දෙමින් කටයුතුකොට ඇතිබවත් ඒ වෙනුවෙන් ඥානසාර හිමි කලගුණ සැලකීමක යෙදෙන්නට ඇති බවයි එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියකු අපසමග සදහන් කර සිටියේ.

Related posts

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

Admin

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday