Colombo Today Local News

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අද (03)දින බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වන දා කැඳවන ලෙස එහිදී විනිසුරු මඩුල්ල නියම කළේය.

ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

අපි කළකිරිල ඉන්නේ.. වික්ටර් අයිවන් ජනපතිගේ මූණටම කියයි

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

කෘෂිකර්මෙ සල්ලි ගිලින සිනමා නිලියගේ හිස් බිල්ඩිම : මාස 11ක කුළිය කෝටි 27 යි (Video)

colombotoday