Colombo Today Local News

සජබට එරෙහිව ඩයනා නඩු මගට

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(2) දින නියම කළේය.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත් මහත්මින් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගන්නා බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බව පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය සඳහන් කර සිටි.

Related posts

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin