Colombo Today Local News

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

රුපියල් ලක්ෂ 25 කට විකිණීම සඳහා රැගෙන ගිය බව කියන ගජමුතුවක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකල ගුවන් හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

දිවුලපිටිය නගරයේ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් පරික්ෂා කිරීමේදී මෙම ගජමුතුව සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම ගජමුතුව රුපියල් ලක්ෂ 25 කට අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබු එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත්සැකකරු අද(2)දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday

රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)

colombotoday

Video: මට කිවුවා තමන්ගේ ආසනය බලාගෙන ඉන්න කියලා. පක්ෂය පැරදුනාට මගේ ආසනය ඉහලින්ම දිනුවා

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin