Colombo Today Local News

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව අධිකරණ අමාත්‍ය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම පනත ජනතාව මර්දනය කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් බවට විශාල වශයෙන් ජන මතයක් ගොඩනැගිමෙන් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ, කිසිදු ආකාරයකින් ජනතාවට පීඩාවක් වන ආකරයේ පනතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි.

”මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඕනෑම යෝජනාවක් ලිඛිතව ඉදිරිපත් කිරීමටත්, ඕනෑම පාර්ශ්වයකට පැමිණ අපි මුණගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. මේක හදිසි කරලා ඉදිරිපත් කරන්නේ නෑ. ඕන තරම් කාලයක් දෙන්නම්. ඕනෑම පාර්ශ්වයකට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්නත් එවැනි පුළුල් සාකච්ඡා වට කිහිපයකින් පස්සේ සියලු දෙනාග අදහස් විමසලා අවශ්‍ය සංශෝධන කිරීමෙන් සුවයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ”

Related posts

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

සැමියාගේ ව්‍යාපාරයට මාර්බල් බීච් ඉඩම් කොල්ල කන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය

colombotoday

දමිතා අබේරත්න සහ සැමියාට විදෙස් ගමන් තහනමක්

Admin