Colombo Today Local News

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 විසිර යයි

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 ගේ විසිරයාම ඊයේ දිනයේ(20) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එහිදී උප පොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු හා උප පොලිස් පරීක්ෂකවරියන් 22 දෙනෙකු විසිර ගියේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී අදහස් දැක්වමින් ප්‍රකාශ කර සිටියේ තම රාජකාරී දිවිය තුල දූෂිතයින්ගේ ගොදුරක් නොවී රටේ සාමය ඇතිකිරීමට දායක වීම නවක පොලිස් නිලධාරීන්ගේ වගකීමක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා….

“දැන් තමුන් මේ පොලිසියට බැඳුනහම, අද ඉඳන් වැඩ කරන්න පටන් ගත්තහම විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙයි.
පොලිස් ස්ථාන වලට ගියාම ඒ පළාතේ සිටින, අපි හිතමු පාතාලයට සම්බන්ධ, මත් ද්‍රව්‍ය වලට සම්බන්ධ සියළු පුද්ගලයන් ඔබ වටා සැරිසරන්න ගනියි.
සමහර විට ඔබ සියළු දෙනාටම බලපෑම් කරන්නත් ගනියි, කවදාවත් ඒ උදවියගෙ ගොදුරක් බවට පත් වෙන්න එපා.
ඕනම ආයතනයක පොලිසියද, ත්‍රිවිධ හමුදාවද, රජයේ ආයතනයක් උනත් ඕනම තැනක අතලොස්සක් ඉන්නව නරක මිනිස්සු.
පොලිසිය ඇතුලෙත් ඒ වගේ ඉන්නව.
ඔබල ඒ පොලිසි වලට ගියාම සමහරවිට ඒ උදවියත් ඔබලව ගොදුරක් කරගන්න බලයි.
එහෙම වෙන්න එපා, කෙලින් ඉන්න.
අපි මේ වෙලාවෙ මත් ද්‍රව්‍ය නැති කරන්න, පාතාලය නැති කරන්න ගෙන යන වැඩපිළිවෙලවල් වලට එකතු වෙන්න.”

යැයි පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් හට අරාධනා කළේය.

Related posts

ගමෙනුත් විසිවී, ආසනත් පරාජය වූ එජාප – ශ්‍රීලනිප ප්‍රබලයෝ මෙන්න

colombotoday

රට අස්‌ථාවර කිරීම ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්‌…

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday