චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කළ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් චීනයේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ දේශපාලන අධ්‍යන චාරිකාවකට සහභාගී වීම සඳහායි.
අදාළ පක්ෂ දෙක නියෝජනය කරමින් සාමාජිකයන් පහළොස් දෙනෙකු ඒ අනුව මෙම සතියේ චීනය බලා පිටත්ව යනු ඇති.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන ඇතුලු පිරිසක් ඊට ඇතුළත්.