World

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

සුඩානයේ කාර්ටුන්හි දී එරට යුරෝපා කොමිසමේ තානාපතිවරයාට පහරදීමක් සිදුව තිබේ.

කෙසේවුවද පහරදීමෙන් බරපතළ හානියක් සිදුව නොමැති බව අයර්ලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

සුඩානයේ හමුදාව සහ තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර දින තුනක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 185 දෙනෙකු පමණ මියගොස් තවත් 1,800 දෙනෙකු පමණ තුවල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කාර්ටුන් අගනුවර වැදගත් ඉලක්ක රැසක් එම කණ්ඩායම් දෙක විසින් අත්කරගෙන තිබේ.

නගරයට ගුවන් ප්‍රහාර සහ බර අවි ප්‍රහාර ද එල්ල වන බව වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ එරට පවතින තානාපති කාර්යාලවල ද ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවිය හැකි අතර යුරෝපා කොමිසමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමට සුඩාන බලධාරීන් පියවර ගත යුතු බවය.

Related posts

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday