කැළණිය විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙකු බදවා ගන්න ලෙස ලිපියක් නිකුත් කළ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා නිකුත් කළ තවත් ලිපියක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඇමතිවරයා මෙවර ලිපිය යොමු කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාට වන අතර විශ්ව විද්‍යාලයේ තනතුරු පුරප්පාඩුවක් සදහා එවා ඇති නාම ලේඛනයේ සදහන් එක තැනැත්තියකගේ වයස නොසලකාහැර බදවාගන්නා ලෙස එයින් දන්වා ඇත.