Colombo Today Local News

ජාතික සංහිඳියාව ඇති කරන්න කැබිනට් අනු කමිටුවක්

පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි.

වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත් කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin