Colombo Today Local News

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (11)දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස් වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11)දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් වුණි.

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබූ අතර මැතිවරණය පිළිබඳව අප්‍රේල් මස 25 වන දිනට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බව ද මැතිවරණ කොමිසම එහිදී සඳහන් කර තිබුණි.

අද මැතිවරණ කොමිසම රැස්වී නැවත සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

Admin

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

මෙන්න අලුත්ම ජීවන වියදම

Admin

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday