Colombo Today Local News

ප්‍රසංගයක් අවසානයේ ගැටුමකින් 4ක් රෝහලේ…

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (09)දින නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එම පිරිස තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තුවාලකරුවන් සිව්දෙනා අතරින් එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ.

එම පහරදීමට අදාළව පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන යතුරුපැදි 4ක් සහ පහරදීමට උපයෝගී කරගත් යකඩ බටයක් පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 47ත් අතර වයස්වල පසු වේ.

සැකකරුවන් අද (10) දින මහව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

colombotoday

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday