අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ද ඒ සඳහා මඟ පෙන්වා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අර්බුදයෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘතවී තිබෙන අතර ඒ දොරටුව විවර වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු මහත් මුළු මහත් ජාතියක් සඳහා බව කීය.