Colombo Today Local News

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සදහන් කරයි.

වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටුනොවන අතර අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර ඇත.

මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව උපාලි රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.

Related posts

චන්ද්‍රිකා හදවතින්ම එජාපය සමගයි…

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday