Colombo Today Local News

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

මෙරට ආර්ථිකය නිසි පරිදි පවත්වා ගෙන යමින් ණය අර්බුදය අවසන් කිරීමට නම් මෙම ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුවහගකරණ මෙලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

දිගු කාලීනව සිදු කරගෙන යන මෙම ප්‍රතිසංස්කරණ යහ පාලනයෙන් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතු බවත් ජූලි චන්ග් මහත්මිය සදහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

colombotoday

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin