World

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

ඉදිරි සති කිහිපය තුළ Amazon සමාගමේ සේවකයින් 9000 ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම සමාගමේ Cloud, වෙළඳ ප්‍රචාරණ සහ Twitch අංශවල සේවකයින් මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසර කිහිපය තුළ සමාගම සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් එකතු කර ඇති නමුත් අවිනිශ්චිත ආර්ථිකය සැළකිල්ලට ගනිමින් එම සේවක කප්පාදුව සිදු කරන බව Amazon සමාගමේ ප්‍රධාන විධායක Andy Jassy ප්‍රකාශ කර තිබේ.

මෙම සේවක කප්පාදුවට අමතරව මෙම වසර අවසානයේ දී තවත් සේවකයින් ඉවත් කිරීමට ද පියවර ගන්නා බවයි Amazon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ.

Meta සමාගම ද පසුගියදා සේවකයින් 10,000 ක් සේවයෙන් ඉවත් කරනු ලැබීය.

Related posts

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday