Colombo Today Local News

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

වගා කන්න 3කට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සඳහා අද(20)දින සිට මඩ පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙට්‍රික් ටොන් තිස් හය දහසක අදාල මඩ පොහොර තොගය මෙරටට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව, අද දිනයේ උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට මඩ පොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා දීමට නියමිතයි.

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මෙම මඩ පොහොර ලබා දීමට කටයුතු යොදා තිබේ.

වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට ද ඒ අයුරින්ම පොහොර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා නිර්දේශ කර ඇති මඩ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 55 කි.

Related posts

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday