Colombo Today Local News

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව, 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා ද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා ද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15)දින ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

රාජපක්ෂවරු රැකියා ලක්ෂයක් දෙනවා… අපි ඕනනම් රැකියා 100ක් දෙන්න ඇති !

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday