Colombo Today Local News

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.

“ළමයින්ගේ උත්තර පත්‍ර බැලීම ටැක්ස් එක සමග පටලවා ගන්න එපා” යයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ පළාත් පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් කියා සිටියේ…

උත්තර පත්‍ර පරික්ෂා කිරීම සති දෙකක් පහුවෙලා. එතකොට ප්‍රතිඵල නිකුත්කිරීම සති දෙකක් පහු වෙනවා. සාමාන්‍ය පෙළ මැයි මාසේ පවත්වන්න තියෙනවා. ඒකත් සති දෙකක් පහු වෙනවා. උසස් පෙළට පාසල් විසිතුනක් වහන්න ඕන. කොරෝනා ප්‍රශ්නෙන් අවුරුදු දෙකක් දරුවන් බැට කෑවා.

පාසල් ටික විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යමු. මේ ප්‍රශ්න ඉදිරියේදී අඩුවේවි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවනම් පෙන්වා දෙන්න. අපි ඒවා හදාගන්න සූදානම්. මැතිවරණ තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මූල්‍ය අරමුදලේ මුදල් 20 ලැබෙනවා. එතකොට සියලු සහන ලැබෙනවා. අප්‍රසන්න තීන්දු ගන්න සිද්ධ වුණේ බැරිම තැන. ගෝඨාභයගේ කතා ලියල දීපු අයත් දැන් එතුමා විවේචනය කරනවා.

Related posts

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday

ජනපති සටනේ ආරම්භය..

colombotoday

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

උතුරෙන් ප්‍රභාකරන් බලකාය බිහිවේ.. දින 21ක් අැතුළත අස්වෙන්නැයි පොලිස් නිලධාරීන්ට ලිපි !

colombotoday

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin