World

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

රුසියාව යුක්‍රේනය හරහා උතුරේ Kharkiv සිට දකුණේ Odesa සහ බටහිරින් Zhytomyr දක්වා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Kharkiv සහ Odesa හි නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලියද විසන්ධි වී ඇත.

මේ අතර එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ, යුද්ධය තවත් වසර ගණනාවක් පැවතිය හැකි බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආක්‍රමණය දියත් කළේ මීට වසරකට පමණ පෙරයි.

එතැන් සිට සටන්කරුවන් සහ සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති අතර මිලියන ගණනක් යුක්‍රේනියානුවන් සරණාගතයින් බවට පත්ව තිබේ.

මිසයිල ප්‍රහාරයක් ඔඩේසා වරාය නගරයේ බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වීමෙන් පසු විදුලිය විසන්ධි කිරීමට හේතු වූ බවයි එහි ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසයි.

නේවාසික ප්‍රදේශවලට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ Avril Haines පවසන්නේ ජනාධිපති පුටින් වසර ගණනාවක් යුද්ධය ඇදගෙන යාමට සැලසුම් කරන නමුත් නව ප්‍රහාර දියත් කිරීමට තරම් රුසියාව ශක්තිමත් නොවන බවයි.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

colombotoday

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

මාරාන්තික විය හැකි ඉන්දියාවේ කැස්ස සිරප් වර්ගයක් : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Admin

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday