Colombo Today Local News

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

සෝදිසි මෙහෙයුමක් අතරතුර වීරකැටිය, අත්තනයාල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තරුණයින් පිරිසක් පරීක්ෂාවට ලක්කරමින් සිටින අවස්ථාවේ පොලීසිය සහ ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් එම පහරදීම සිදුව ඇත.

පහරදීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් 02ක්, සාජන්වරු 02ක් කොස්තාපල්වරු 02ක් සහ ග්‍රාමාරක්ෂ නිලධාරීන් 02ක් තුවාල ලබා ඇති අතර සිවිල් වැසියන් 02ක් ද තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

පහරදීම සිදුවන අවස්ථාවේ තරුණයෙක් උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ කන් දෙක සපා කා ඇති බව ද ඔහු සදහන් කරයි.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

Related posts

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday