Colombo Today Local News

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඊයේ (1) උදෑසන කාලයේදී මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

එලෙස සොයා ගත් මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බව පොලිසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 40ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු වේ.

අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday

පොල් මිල අහස උසට

Admin

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ලාංකික සරණාගතයන් 16ක් නිදහස ඉල්ලා වස බෝයි.. දෙදෙනෙකු බඩ කපා ගනී…

colombotoday

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday