World

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02)දින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වේ.

එහිදී රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය.

විශේෂයෙන්ම එම ගැටුම්වලින් කලාපිය ආර්ථිකය මත සිදු වූ බලපෑම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුක්රේනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කර ඇති බවයි.

1999 වසරේ ආරම්භ වූ G20 සමුළුව මහ බැංකු අධිපතිවරුන්ගේ සහ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි.

Related posts

ඊශ්‍රායලය බේරාගත් “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකාවේ සහය. | ජෝ බයිඩන් පොරොන්දු වෙයි.

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday