Colombo Today Local News

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් බව පොලිසිය පවසයි.

ඉකුත් 17 වැනි දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට යටවී මෙම සුනඛ පැටවු දෙදෙනා මියගොස් තිබුණි.

ඊට අදාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම 18 දින සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය පරීක්ෂණ පවත්වා මතු රට ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරිකයා මතුරට පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වූ සත්ව හිංසනයට ප්‍රකාරව ඊයේ (20)දින සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (20) පස්වරුවේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර මහේස්ත්‍රාත්රුවරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

Related posts

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday