Colombo Today Local News

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.

මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා සදහන් කරයි.

පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි.ඒ.ඩී.ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

colombotoday

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday