Colombo Today Local News

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාර ගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට දැනුම් දී ඇත.

යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලියවිල්ලක් බාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, සිතාසියක් හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේ නම් පමණක් පිළිගන්නා බවටය.

Related posts

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

Admin

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

“මේ වෙලාවේ ලන්ඩනයේ ජනතාව සමග මමත් සිටිනවා“ – ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති ශෝක වෙයි

colombotoday

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday