Colombo Today Local News

වෛද්‍යවරයෙක් පූජා භූමියක්සලදී විණීමට ගෙනා මත් පෙති සමග මාට්ටු

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් පූජා භූමියක් ආසන්නයට මෝටර් රථයෙන් පැමිණ මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල මයිගලස්තැන්න පදිංචි බදුල්ල මහ රෝහලේ රසායනාගාරයේ සේවය කරන මෙම වෛද්‍යවරයා මෙයට පෙරත් පාසල් දරුවන් ඇතුලු තරුණයන්ට මත්පෙති විකුණා නීතියේ රැහැනට හසුවු වෛද්‍යවරයෙකි.

දීර්ඝ කාලයක් තිස්සේ පාසල් දරුවන්ට හා තරුණයන්ට මත්පෙති මුදලට අළෙවිකරන බවට ලැබුන තොරතුරක් මත පොලිසිය උපාය දුතයකු යොදවා මත් පෙති මිලට ගන්නා බව කියමින් වෛද්‍යවරයා ගෙන්වාගෙන මත් පෙති මුදලයට ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරයා ළග තිබී අත් අඩංගුවට ගත් මිලි ග්‍රැම්ස් 150ක් අඩංගු මත් පෙති 150ක් සමග වෛද්‍යවරයා අධිකරණ කටයුතු සදහා බදුල්ල පොලිසියට බාරදී තිබෙන බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පවසයි.

Related posts

ඩොලරය රු. 375ට නගී

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

මත්පැන් මිල ඉහළට

colombotoday

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

මැතිවරණයක් කැදවීමට එරෙහිව 15 දා එජාපය කොළඹ වටලයි.. දැවැන්ත විරෝධතාවක්..

colombotoday