Colombo Today Local News

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බව පවසන ජනාධිපති කාර්යාලය රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පනිවිඩයක් තැබීමක් බවද සඳහන් කරයි.

රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් නිදහස් උත්සවයට වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බවද නිදහස් උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නැතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday