Colombo Today Local News

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර එහිදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි වැලිකඩහේන, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

Admin

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව දුන් හැටි සාක්ෂි සමග හෙළිවෙයි… වහා අත්අඩංගුවට ගනු !

colombotoday

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday