Colombo Today Local News

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

අද (01)දින කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද විසින් සැකකරුට ලබා දීම සඳහා රැගෙන එන ලද පාර්සල් බන්ධනාගාර නිළධාරීන් විසින් දැඩි සෝදිසියකට ලක්කර තිබේ.

එහිදී සැකකරුට ලබා දීම සඳහා රැගෙන එන ලද ඩෙනිම් කලිසමේ ඉනෙහි වෙලද සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සූක්ෂම ලෙස සඟවා හෙරොයින් යැයි සැකකළ හැකි ග්රෑම් 05 මිලි ග්රෑම් 48 ක ප්‍රමාණයක් (5g 48mg) අමුත්තන් පෙන්වීමේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත් ද්‍රව්‍ය රැගෙන එන ලද කාන්තාව සහ අදාළ මත්ද්‍රව්‍ය සමඟ, ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇති බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කරයි.

Related posts

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරු වෙයි

Admin

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday