Colombo Today Local News

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ(26) දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.

විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා වන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබුණි.

කෙසේවුවද ගතවූ දින දෙක තුළ දෛනික විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුකර ඇත.

පැමිණි එකඟතාවන්ට පටහැනිව කටයුතු කරන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවට එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙත ඊයේ(26) දිනයේ දැනුම් දීමක් ද සිදුකළේය.

මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත සිය ස්ථාවරය මේ වන විට දැනුම් දී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලබා නොදෙන බවය.

මේ අතර විභාග සමයේ දි තවදුරටත් විදුලි කප්පාදුව සිදුකිරිම පිළිබද අද දිනයේදී මානව හිමිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේය.

Related posts

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

colombotoday

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

“යහපාලනය බලු වෙලා.. පජාත වෙලා.. කුජීත වෙලා” – එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday