Colombo Today Local News

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

වාලච්චේන පොලිස් වසමේ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 80 හැවිරිදි පුද්ගලයෙකු සහ මාස 4ක බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කිලෝ මීටර් 116ත් 117ත් කණු අතරදී මඩකලපුව දෙස සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් වෑන් රථයේ රියැදුරු හා එහි ගමන් කළ බිළිඳෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු සහ කුඩා බිළිඳා මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අනතුර සිදුවන අවස්ථාවේ මරණකරුවන් ඇතුළුව වෑන් රථයේ 7 දෙනෙකු ගමන් කර ඇත.

එහි ගමන් කළ තවත් කුඩා දැරියකට කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ඊයේ මාධ්‍ය හමු පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ඉවත්කළ හමුදා නිලධාරියෙක්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසී

Admin

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday