Colombo Today Local News

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

සිව්දරු මවක් සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති බවත්, ගින්න නිවීමට ගිය සැමියාද පිළිස්සී රෝහල් ගතකර ඇති බවත් බේරුවල පොලීසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමඩ් මාවතේ පදිංචි 38 සහ 34 දී ඇති අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කරයි.

දෙදෙනා අතර පවුල් ආරවුලක් පැවත ඇති බවත්, ඒ හේතුවෙන් ඊයේ (24) පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබා ගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, බිරිඳගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

Related posts

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !

colombotoday

රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday